Cookies on Plantwise Knowledge Bank

Like most websites we use cookies. This is to ensure that we give you the best experience possible.

 

Continuing to use www.plantwise.org/KnowledgeBank means you agree to our use of cookies. If you would like to, you can learn more about the cookies we use.

Plantwise Knowledge Bank

Your search results

Plantwise Factsheets for Farmers

විසිරුම් ජල සම්පාදනය මගින් මිරිස් වගාවේ පැළ මැක්කා පාලනය

Scirtothrips dorsalis
Sri Lanka

ගැටළුව හඳුනා ගැනීම

මිරිස් වගාවට විශාල හානියක් සිදු කරන කෘමි සතෙකු ලෙස පැළමැක්කා හදුනාගෙන ඇත. පැළමැක්කා මර්දයට විවිධ කෘමිනාශක යෙදීමට ගොවීන් පුරුදු වී ඇතත් එය සාර්ථක වී නොමැත. එමගින් වගා වියදම ඉහල යන අතර පරිසරයටද අහිතකර වේ.

පසුබිම

ශ්‍රි ලංකාවේ වගා කරන වැදගත් කුලුබඩු බෝගයක් ලෙස මිරිස් සැලකේ. වියළි කලාපයේ බහුලව වගා කරන නමුත් කොළ කොඩ වීමේ රෝගය නිසා මිරිස් වගාවේ අස්වැන්නට හානි වීම් ඇති විය හැක. විශාල ලෙස කෘමිනාශක භාවිතය සෞඛ්‍ය ගැටලු වලට මෙන්ම කෘමිනාශක වලට කෘමීන් ඔරොත්තු දෙන තත්වයක් දක්වා පත් වී ඇත. ඒ නිසා මිරිස් වගාවේ පැළමැක්කන් මර්දනයට පරිසර හිතකාමි ක්‍රම භාවිතා කල යුතුය. මේ සදහා විසුරුම් ජල සම්පාදන ක්‍රමය සාර්ථකව යොදා ගත හැක. තවද එමගින් 33%ක ජලය ඉතිරි කර ගත හැකි අතරම අස්වැන්න 24% කින් වැඩිකර ගත හැකි බව පෙනී ගොස් ඇත. එසේම සුදුසු පරිසර තත්ව ඇති වීම නිසා කෘමි සතුන්ගේ මටිටමද අඩු වේ.

පාලනය

  • මූලික බිම් සැකසීමෙන් පසු විසුරුම් ජල සම්පාදනය ‍වගා බිමේ පිහිට විය යුතු අතර සම්පූර්ණ වගා බිමම එකලෙසම ජලය විසිරි පැතිරි යන ලෙස එය සිදු විය යුතුය.
  • සුළග සහිත ප්‍රදේශ වලට ග්ලිරිසිඩියා මඤ්‍‍ඤොක්කා, දඹල, බඩ ඉරිඟු, සොගම් වැනි ශාක සිටුවීම වඩා උචිතය.
  • දිනපතාම උදේ 6 සිට 7 දක්වාත් දහවල් වරැවේ 1 සිට 2 දක්වාත් ජල සම්පාදන ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුය
  • මෙම අවස්ථා දෙකෙහිදීම ජල සම්පාදනය සිදුකරණ කාළ සීමාව මින්ත්තු 30 කි
  • ඉහත කාලසීමාව පසෙහි ස්වභාවය හා කාලගුණ තත්වය අනුව වෙනස්කරගත හැකිය
  • විසිරුම් ජල සම්පාදනයේදී ඒකාකාරීව ජලය පිටවීම පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙම නිර්දේශයන් සඳහා අදාළ වේ: Sri Lanka

කර්තෘන්: T. Yogeswaran, Daud Ahmed, A. Vakeesan, S. Rajeshkanna
DDA (EXTN)
විද්‍යුත් ලිපිනය: yogesagrimullai@yahoo.com
©CAB International. Published under a CC-BY-SA 4.0 licence.

Plantwise Factsheets Library app

Get all of the factsheets and pest management decision guides from this website in an offline format via the Plantwise Factsheets Library app.