Cookies on Plantwise Knowledge Bank

Like most websites we use cookies. This is to ensure that we give you the best experience possible.

Continuing to use www.plantwise.org/KnowledgeBank means you agree to our use of cookies. If you would like to, you can learn more about the cookies we use.

Plantwise Knowledge Bank
  • Knowledge Bank home
  • Change location
Plantwise ගොවීන් සඳහාවූ ‍තොරතුරු පත්‍රිකාව
PDF AddAdd to factsheet booklet

එලවලු පළිබෝධීන්ගේ ස්වභාවික සතුරන් සුරකිමු

ගැටළුව හඳුනා ගැනීම

ශ‍්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් එහි ජෛව විවිධත්වය වැඩි අතර පළිබෝධීන්ගේ ස්වභාවික සතුරන්ද බහුලය. එබැවින් ඉෙබිම එලවලු පළිබෝධීන් පාළනය වීමේ හොඳ හැකියාවක් ඇත. නමුත් අධිකව පළිබෝධනාශක භාවිතය නිසා මෙම ස්වභාවික සතුරන් නිකරුනේ විනාශවේ. එබැවින් මොවුන් සුරැුකීමෙන් කිසිදු විදමකින් තොරව සහ පරිසර හිතකාමී ලෙස එළවලු පළිබෝධ පාලනයකට මග පාදයි.

පසුබිම

ස්වභාවික පරිසරයේදී මෙම ස්වභාවික සතුරන් ශාක භක්‍ෂක කෘමීන්, මල්පැනි, පරාග සහ වෙනත් ශාක යුෂ මත යැපේ. මෙවැනි ආහාර බහුල සහ බාධා රහිත විට ස්වභාවික සතුරන් ඉක්මනින් බෝවීම සිදුවේ. එළවලු වගා පරිසරයෙහි වසන ස්වභාවික සතුරන් නිසා පළිබෝධ ගහනයන් අධික ලෙස වැඩි වීම ඉබේම පාලනය වේ.

පාලනය

  • අනවශ්‍ය ලෙස පළිබෝධනාශක ඉසීමෙන් වැළකීම
  • ඉබේම නියරේ සහ වගා වටපිටාවේ බැද්ද/ ස්වභාවික ශාක වැඩිමට ඉඩ හැරීම
  • පෙර කන්නයේදී බැක්ටීරියා හිටුමැරීම තිබුනානම් මිස පැරනි බෝග ශේෂ පිළිස්සීමෙන් වැළකීම
  • ස්වභාවික සතුරන් සුරැුකී ඇති පැරනි බෝග ශේෂ වගාව අසලම ගොඩ ගසා තැබීම
  • කාබනික පොහොර හැකිතාක් පසට මිශ‍්‍ර කිරීම
  • තනිබෝගයක් වෙනුවට බහු බෝග වගාව හෝ මිශ‍්‍ර බෝග වගාව

මෙම නිර්දේශයන් සඳහා අදාළ වේ: ශ්‍රී ලංකාව

කර්තෘන්: S. S. Weligamage, W. M.D.H. Kulatunga, N. P. Haritha Nimalananda, A. Priyatharsini
Plant Protection Service
දුරකථනය: 0094 0812388316 විද්‍යුත් ලිපිනය: senaniweligamage@gmail.com
විසින් සංස්කරණය
Plantwise
දී නිර්මිත ශ්‍රී ලංකාව ඔක්තෝබර් 2013